සාමාජයීය කටයුතු

ශ්‍රී සුධර්මාරාම මහා විහාරයෙහි වාර්ෂික ව සිදු කරන සාමාජයීය කටයුතු

කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සමාජයීය කටයුතු රාශියක් සිදු කෙරේ. ඒවා පහත ලෙස බෙදා සාකච්ඡා කළ හැකි ය. මෙම වැඩසටහන් වාර්ෂික ව සිදුකෙරෙන අතර ගම්භාර සිද්ධ කබලෑ මුල් සූනියම් දේවතාවට පිං දීම මූලික කරගනිමින් සියල්ල ඉටු කෙරේ.

 

  1. වාර්ෂික ගැබිනි මව්වරුන් සඳහා කෙරෙන ප්‍රජා සත්කාරය
  2. වෛද්‍ය සායනය
  3. පාසල් දරුවන්ට පොත් බෙදා දීම සහ දුෂ්කර ගම්මානවලට ගොස් පාසල් උපකරණ බෙදා දීම
  4. දුෂ්කර ගම්මානවලට ගොස් වියළි සලාක බෙදා දීම
  5. ආයූර්වේද රුක් රෝපණ වැඩ සටහන වශයෙනි.

    1. වාර්ෂික ගැබිනි මව්වරුන් සඳහා කෙරෙන ප්‍රජා සත්කාරය

    වර්ෂයෙහි මුල ම සිදු කෙරෙන්නේ ගැබිණි මව්වරුන් උදෙසා කරනු ලබන ප්‍රජා සත්කාරය යි.ප එම කටයුතු ආරම්භ කරන ලද්දේ මීට වසර දහයකට පමණ පෙර සිට ය. එහි ආරම්භකයා බවට පත්වන්නේ ලීලාවතී උපාසිකා මාතාව යි. ගරු විහාරාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසකත්වය මත මෙම කටයුත්ත සිදු කෙරේ.

    අභිනව මව් තනතුරෙන් පිදුම් ලැබීමට බලාපොරොත්තු වන කාන්තාවන් තිස් පහකට (35) අධික සංඛ්‍යාවකට මෙම සත්කෘත්‍යට සිදුකෙරේ. මේ සඳහා ගැබිනි මව්වරුන් තෝරා ගනු ලබන්නේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ මගපෙන්වීම යටතේ ය. මේ සඳහා පෞද්ගලික ව කරනු ලබන ඉල්ලීම් ද සලකා බැලේ. එසේ තෝරා ගැනීමෙන් අනතුරුව ජනවාරි මස දුරුතු පුන් පොහෝ දිනය කේන්ද්‍ර කර ගනිමින් උදෑසන මෙම කටයුත්ත සිදු කෙරේ.
    වර්ෂයෙහි මුල ම සිදු කෙරෙන්නේ ගැබිණි මව්වරුන් උදෙසා කරනු ලබන ප්‍රජා සත්කාරය යි.ප එම කටයුතු ආරම්භ කරන ලද්දේ මීට වසර දහයකට පමණ පෙර සිට ය. එහි ආරම්භකයා බවට පත්වන්නේ ලීලාවතී උපාසිකා මාතාව යි. ගරු විහාරාධිපති හිමියන්ගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසකත්වය මත මෙම කටයුත්ත සිදු කෙරේ.

    (ගැබිනි මව්වරුන්ට සෙත් පිරිත් දේශනා කිරීම)

    (ගැබිනි මව්වරුන් සඳහා කෙරෙන ප්‍රජා සත්කාරය)

    2. වෛද්‍ය සායනය

    වෛද්‍ය සායනය සිදු කරනු ලබන්නේ තෝරාගත් දුෂ්කර පළාතක් කේන්ද්‍ර කරගනිමිනි. එම වෛද්‍ය සායනය ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ වර්ෂය 2019 වර්ෂයේ දී ය. ඒ සඳහා පළමු ව තෝරා ගනු ලැබුවේ පොල්පිතිගම ඉරුදෙනියාය ග්‍රාමය යි. මෙ වෛද්‍ය සායනය වෙනුවෙන් වෛද්‍යවරු 6 දෙනකු සම්බන්ධව වේ. එසේ ම රසායනාගාර පරීක්ෂණ වරයෙක් ද ඒ අතර වේ. හෙද හෙදියන් පස්දෙනකු සමගින් මෙම පිරිස අන්තර්ගත වේ.

    වෛද්‍ය සායනය සිදු කරනු ලබන්නේ තෝරාගත් දුෂ්කර පළාතක් කේන්ද්‍ර කරගනිමිනි. එම වෛද්‍ය සායනය ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ වර්ෂය 2019 වර්ෂයේ දී ය. ඒ සඳහා පළමු ව තෝරා ගනු ලැබුවේ පොල්පිතිගම ඉරුදෙනියාය ග්‍රාමය යි. මෙ වෛද්‍ය සායනය වෙනුවෙන් වෛද්‍යවරු 6 දෙනකු සම්බන්ධව වේ. එසේ ම රසායනාගාර පරීක්ෂණ වරයෙක් ද ඒ අතර වේ. හෙද හෙදියන් පස්දෙනකු සමගින් මෙම පිරිස අන්තර්ගත වේ.

    (දුෂ්කර ගම්මානවලට ගොස් වෛද්‍ය සායන පැවැත්වීම)

    (විහාරස්ථානයෙහි පැවති වෛද්‍ය සායනයක්)

    3. පාසල් දරුවන්ට පොත් ලබාදීම

    යම් අවස්ථාවක උත්සවාකාරයෙන් ද තවත් විටෙක දුෂ්කර ළමුන්ගේ නිවෙස්වලට ගොස් මෙම පොත් බෙදා දීමේ ක්‍රියාවලිය සිදු කෙරේ. වර්ෂයක් තුළ ආසන්න වශයෙන් බලාපොරොත්තුව වන්නේ ළමුන් දෙසියකට පොත් ලබාදීමට යි. ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු සංවර්ධනය කිරීම උදෙසා දායකත්වය සැපයීම ලෙස මෙම කටයුත්ත සිදු කෙරේ.

    (පෙරපාසල් සදහා පොත් බෙදා දීම)

    (පිරිවෙන් සදහා පොත් බෙදා දීම)

    (දරුවන්ගේ අවශ්‍යතා අනුව උපකරණ බෙදාදීම)

    දුෂ්කර ගම්මාන වලට ගොස් පාසල් උපකරණ බෙදාදීම සඳහා ද වර්ෂයෙහි එක් අවස්ථාවක් යොදාගැනේ. පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙත වැඩි අවධානයක් යොමු කෙරේ. ඊට හේතුව අභිනවයෙන් පාසල් යාම ආරම්භ කරන දරුවන් වෙනුවෙන් විශාල මුදලක් දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් යෙදවීමට සිදුවේ. ඒ සඳහා නිල ඇඳුම්, පාසල් බෑග්, පොත්පත්, සපත්තු ආදිය සමගින් අවශ්‍ය සියලු උපකරණ බෙදා දෙනු ලැබේ.

    4. දුෂ්කර ගම්මානවලට ගොස් වියළි සලාක බෙදාදීම

    මෙම වියළි සලාක බෙදාදීම ද වාර්ෂිකව සිදුකෙරෙන කටයුත්තකි. අඩු ආදායම්ලාභී පවුල් වෙත මෙම වියළි සලාක බෙදා දීම සිදු කෙරේ. මේ සඳහා තෝරා ගැනීම සිදු කරනු ලබන්නේ විහාරස්ථානයක ගරු විහාරාධිපති ස්වාමීන් වහන්සේ, ග්‍රාම නිලධාරිවරයා හරහා ය. එම කටයුත්ත වසර කිහිපයක සිට ම නොකඩවා සිදු කරන ලදී.

    5. ආයූර්වේද රුක් රෝපණ වැඩ සටහන

    අප කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් ඔසු උයනක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කරන ලදී. අප විහාරස්ථානය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයන් පිළිබඳ ව නව්‍ය මත බිහි කිරීමටත්, එක් ස්ථානයක ආයුර්වේද පැළෑටි රාශියක් ම රෝපණය කිරීම මගින් වඳ වී යන පැළෑටි සංරක්ෂණය කිරීම හා පරිසර අලංකරණය තීව්‍ර කිරීමටත් මෙමගින් අවස්ථාව නිර්මාණය වෙන ආකාරය පෙන්වා දිය හැකි ය. මෙවැනි කටයුතු මගින් ආයුරවේදය නගාසිටුවීමට ඉතා වැදගත් කාර්යභාරයක් සිදු වී ඇති බව කිව හැකි ය.

    මේ සදහා දහම් පාසල් දරුවන්ගේ මැදිහත්වීම ඉතා වැදගත් ය. අප ශ්‍රී සරණංකර දහම් පාසලේ ශිෂ්‍යාවක වූ ආර්. ඒ චමත්කා නෙත්මිනි රාමනායක දියණියගේ මැදිහත්වීම මත ඔසු උයන ආරම්භ ව අද වන විට ඉතා ම සාර්ථක අන්දමින් පවත්වාගෙන යනු ලබයි. එහි ඉතා ම දුර්ලභ වූ ඔසු වර්ග රාශියක් ම රෝපණය කිරීම් උදෙසා කටයුතු සිදුකළ නිසා එහි වටිනාකම තව තවත් බොහෝ ජනතාවක් විෂයෙහි දැනෙමින් පවති. ප්‍රාදේශීය වශයෙන් බොහෝ ජනතාවක් වෙනුවෙන් මෙම ඔසු උයනෙහි සේවාවක් සිදු වේ. එසේ ම විහාරස්ථානයේ තුළ පිහිටා ඇති ඓතිහාසික සිද්ධ කබලෑ මුල් සුනියම් මහා දේවාලයට බොහෝ ජනතාවක් ඒ ඒ අවස්ථාවල දී ඔසු උයනේ දායකත්වය ලබා ගනිමින් සිය කටයුතු සම්පූර්ණ කරගනු ලබයි. ඔවුන්ගේ ද මේ කටයුත්ත සිදු කිරීම සම්බන්ධයෙන් නොයෙක් ඇගයීම් ද ලැබෙන ආකාරයෙන් එහි වැදගත්කම ඔවුන්ට කෙසේ දැනෙන්නේ ද යන වග මනාව හඳුනා ගැනීමට හැකිවේ.

    (මනාව දැනට වැඩි ඇති ඖෂධ පැලෑටි)

    අප කබලෑව, ඇඹව ශ්‍රී සුධර්මාරාම මහා විහාරය කේන්ද්‍ර කරගනිමින් විවිධ අවස්ථාවල දී රුක් රෝපණ වැඩ සටහන් පැවැත් වේ. ඒ සදහා රාජ්‍ය නිලධාරීන් ද සම්බන්ද වේ.

    (රුක් රෝපණය කිරීම)